Date - 11-08-2017 / 17-08-2017

Post Thumb

කන්‍යා ලග්නය

යහපත් සතියක්

කරන කියන කටයුතු දියුණුවක් වගේම වර්ධනයක් ඇති කරයි. බලාපොරොත්තු ඉලක්කය කරා යාමට හැකි තත්ත්වයක් උදා කරයි. ගුරු ග්‍රහයා ලග්න ගතවී සිටින අතර සියලූ අරිටු දෝෂ නැති වී යයි. එහෙත් ධන හානි ඇති කරයි. පිටරට යන එන අයට මේ සතිය ශ=භඵල උදා කරයි. ඉඩම් දේපල ලැබීම්වලට යහපත්වන අතර ඉඩම් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවස්ථාව උදා කරයි.
පවුලේ පැවැති ආරවුල් තත්ත්වය සමථයකට පත් කර ගැනීමට හැකි වෙයි. ආදායම් තත්ත්වය සාමාන්‍ය අතට හැරීම හා ධන තත්ත්වය සමබරව තබා ගැනීමට හැකි වෙයි. උත්සාහය හා උනන්දුව ඇති කරයි. රැකියා ලාභ හා වෙළඳාම් කටයුතු සාර්ථක කරයි. ඇස් රෝග, මුත්‍රා රෝග, පපුවේ සෙම් රෝග හා අතපය වේදනා ඇති කරයි.

ජය අංක :- 1, 7, 9
ජය වර්ණ :-කොළ, නිල්
ශ=භ දිනය :-  බදාදා, සිකුරාදා

සර්වාකාර පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගනීම ඉතා දුෂ්කර ය. එය හැකි වෙතොත් හැකි වන්නේ පැවිද්දන්ටය. සියලූම පැවිද්දන්ට එය නොකළ හැකිය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ගැන රූප දැකීම් මාත්‍රයෙන් ද සිටින්නේ නම්, කනින් ශබ්ද අසා ඇසීම් මාත්‍රයෙහි සිටින්නේ නම් නාසයෙන් ගඳ ගැසුවද දැන දිවෙන් රස දැන කයින් ස්පර්ශය දැන සිතින් ධර්මය දැන ගන්නේ නම් දුක් කෙලවර කරන්නෙක් වෙයි.