Date - 18-08-2017 / 24-08-2017

Post Thumb

වෘෂභ ලග්නය

හෘද රෝග

ධනය ලැබීම් අතින් යහපත් වන අතර අතට ණය මුදලක් හෝ වෙනයම් ආදායම් තත්ත්වයක් ලැඛෙයි. එය විශාල එකක් නොව සාමාන්‍ය තත්ත්වයේ මුදලක් විය හැකියි. හෘද රෝග ඇති අය හෝ නැති අය  ප්‍රවේශම් වීම හොඳයි. හදිසි අනතුරු හෝ තුවාල වීම් ඇතිවිය හැකියි. ඉගෙන ගන්නා වයසේ අයට යහපත් සතියක් වන අතර පරීක්ෂණ හෝ විභාග ආදියෙන් ජය ලබා ගැනීමට හැකි වෙයි.
විවාහ දිවිය අසාර්ථකවීමට හෝ ගැටුම් ඇතිවීමට කරුණු කාරණා ඇති කරයි. හවුල් ව්‍යාපාර හා වෙළඳාම් ආදී කටයුතුවලින් පාඩු සිදුවීමට ඉඩ ඇති කරයි. පවුලේ සාමය බිඳ වැටීම් නිසා කෝප වෛර සිතුවිලි ආදිය ඇති කරනු ලබයි. මුත්‍රා රෝග, වාත, පිත සෙම රෝග හෘද රෝග, ලේවල තෙල් ගතිය වැඩිවීම සිදු කරයි.

ජය අංක :- 2, 3, 5
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

නෑදෑ දුක :- නෑදෑයින් නැති වූ කල්හි zzඅනේ, මගේ පුතේ, නුඹ කොහි ගියෙහි ද? අනේ දුවේ නුඹ කොහි ගියෙහිද? නුඹ නැතිව අප සිටින්නේ කෙසේද? යනා දී ඒ ඒ පුද්ගලයන් ගැන කියමින් හෝ ඔවුන්ගේ ගුණ කියමින් හෝ නැති වූ වස්තුව ගැන කියමින් හෝ ඒ වස්තූන් නැති පාඩුව කියමින් හෝ නන් දෙඩීම ද සුසුම් ලමින් කඳුළු සලමින් කෙළ පෙරමින්, ශබ්ද පැවැත්වීම ද පරිදේව නම් වේ. හැ`ඩීම යනු තවත් නමකි. බිම පෙරලීම, ඔලූව හප්පා ගැනීම බොහෝ වේදනා වන බව පරිදේව දුක්‍ය යයි කියනු ලැබේ.