Date - 19-05-2017 / 25-05-2017

Post Thumb

තුලා ලග්නය

හවුලේ වැඩ අවුල්

තරඟ විභාග ආදියට ඉදිරිපත් වන අයට විශේෂයෙන් විභාග ආදියට පෙනී සිටින දරුවන්ට මේ සතිය යහපත් බව කිව යුතුය. ජය අත් කර ගැනීමට හැකි වෙයි. විශේෂයෙන් පරිගණක විද්‍යාව හදාරන අයට ඉතා යහපත් බව පෙනෙයි. මව්ගේ දුක, සැප සොයා බලා ඇයට පිහිටක් වීමට කටයුතු කරයි. යුතුකම් ඉටු කිරීමට පෙළඹෙයි. එහෙත් ඔබට යුතුකම් ඉටු කිරීමට අය ඉදිරිපත් නොවෙයි. විවාහක උදවියට තරමක් අපල ඇති කරන මේ සතිය සණ්ඩු දබර ඇති විය හැකියි.
හවුලේ කරන වැඩවලින් එතරම්ම ප්‍රගතියක්  නොපෙන්වයි. දීර්ඝ ගමන් බිමන් සැලසුම් කරයි. සමහරවිට විදෙස් ගතවීම්වලට ලක්විය හැකියි. දරුවකුට අසනීප ඇතිවිය හැකියි. ලේවල දෝෂ පෙන්වයි. අර්ශස් රෝග, ලේ පිටවීම් ආදිය ඇති කරයි. වාත රෝග ද ඇති කරයි.

ජය අංක :- 3, 5, 7
ජය වර්ණ :- කොළ, රතු
ශ=භ දිනය :-  බදාදා, සිකුරාදා

සත්‍ය ඔබ ලඟ ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය. එය අසීරු ය. වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකි ය. අප තිලෝගුරු බුදුහිමියන්ට කළ හැක්කේ ද මඟ කියා දීම පමණකි. එය සොයා ගත යුත්තේ ඔබමයි.