Date - 19-05-2017 / 25-05-2017

Post Thumb

මකර ලග්නය

මිශ්‍රඵල උදා කරයි.

හදිසි ධන ලාභ හා හදිසි මිල මුදල් ලබා ගැනීමට හෝ ඉල්ලා සිටි යම් ණය මුදලක් ලබා ගැනීමට ද හැකියාව හා ශක්තිය ඇති කරයි. පවුලේ පැවැති අර්බුදකාරී බව හා නොසන්සුන් බව අඩු වී යහපත ඇති කරයි. බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා කරදර අවම කර ගැනීමට හැකි තත්ත්වයක් උදා වෙයි.
ඉගෙනීම් කටයුතු අඩාලව පැවැතියේ නම් ඒවායේ යම් ප්‍රගතියක් දියුණුවක් පෙන්නුම් කරයි. එහෙත් පවුල් ජීවිතයට පිටස්තර අයගේ බලපෑම් නිසා අඹු-සැමියන් අතර මතභේද, වාද විවාද ඇති කරයි. සහෝදරියකගේ උවමනාවක් මත යම් යම් උදව් උපකාර ලබා දීමට හෝ ඇයගෙන් යම් සහනයක් ලබා ගැනීමට හැකියාව පෙන්නුම් කරයි. මේ සතිය ඔබට මිශ්‍රඵල ඇති කරයි. අර්ශස් රෝග, කැස්ස, උණ, පපුවේ දැවිලි ගති ආදිය ඇති කරයි.

ජය අංක :- 2, 3, 7
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :-  බදාදා, සෙනසුරාදා