Date - 15-12-2017 / 21-12-2017

Post Thumb

සාර්ථක මංගල යෝග

මේ සතිය තරමක් කලබල හා විපත් අනතුරු ආදිය ඇතිවිය හැකි ය. හදිසි රෝහල් ගතවීම් හා ප්‍රතිකාර ලබා ගැනීම් ඇති කරයි. ධන හානි හා ආදායම් තත්ත්වය අයහපත් වෙයි.
බලාපොරොත්තු රහිත වියදම් අධික වෙයි. විවාහ වීමට සියලූ කටයුතු සූදානමක් පැවතිය හැකියි. හවුලේ කරන කටයුතුවල කැපී පෙනෙන දියුණුව හා වර්ධනයක් පෙන්නුම් කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවල යම් පසුබෑමක් ඇති කරයි. ස්ථාන කරදර හා පවුලේ අර්බුද ඇති කරයි. මංගල යෝජනා ඇති කරයි. අවිවාහක අයට සාර්ථක මංගල යෝග ඇති කරයි. මුත්‍රා රෝග, ඇඟපත වේදනා හා උණ රෝග, ලේවල දෝෂ ඇති කරයි. ස්නායු රෝග ද පෙන්වයි.

ජය අංක :- 6, 7, 9
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

කාම මිත්‍යාචාරය සිතට ඇතුල්වෙන කරුණු ඇත. ඒවා අතර තම බිරිඳ හෝ ස්වාමියාගෙන් නොලද හැකි යම් රාගික ආසාවක් නිසා මේ පාපායට ගොදුරු වෙන අවස්ථා ඇති කරයි. හෘද සාක්ෂියට එකඟව මේ ක්‍රියාවලිය කළ හැකි දැයි ප්‍රශ්නයකි. සිතට හොරෙන් කළ යුතුවන මේ ක්‍රියාව පසුව ඔබට ඒ සිතින්ම දොස් දෙයි. ශාප කරයි. සාධාරණ ද අසාධාරණ ද යන්න ඔබ තීරණ කළ යුතුයි. නමුත් සිත කිලූටු කරණ එක්තරා මානසික ආතතියකි. මෙය කිසිම ආගමක් අනුමත නොකරයි.