Date - 22-09-2017 / 28-09-2017

Post Thumb

කුම්භ ලග්නය

සතුරු කරදර ඉවත් වෙයි.

විවාහ දිවියේ යම් යම් හැල හැප්පිලි ඇති කරයි. අනවශ්‍ය දේවල් වලට පටලැවීම නිසා සිත්තැවුල් හා මානසික පීඩාකාරී බවක් ඇති කරයි. හවුලේ කරන කටයුතුවලට කාන්තා පක්ෂය යොදා ගැනීම නිසා නැති කරදරවලට මුහුණපෑමට සිදු වෙයි. කල්පනාවෙන් වැඩ කටයුතු කිරීම යහපතට හේතු වෙයි.
සතුරු කරදරයක් මෙල්ල වෙයි. නැත්නම් නැති වෙයි. විවාහ කඩිනමින් කිරීමට සැලසුම් සකස් කර ගනියි. කතාවෙන් මිනිසුන්ගේ සිත පෑරිය හැකියි. එම නිසා වචන කතා කිරීමේ දී ප්‍රවේශම්වීම හොඳයි. වැඩ කටයුතුවල දී වෙහෙසෙ මහන්සි වීමට සිදු වෙයි. රහස් වැඩ පිළිවෙලක් ගැන සැලකිලිමත් වෙයි. මුත්‍රා දෝෂ, අර්ශස් රෝග, ලේ පිටවීම්, වාත රෝග ඇති කරයි.

ජය අංක :- 7, 8, 9
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :-  බදාදා, සෙනසුරාදා

ශ්‍රෝත්‍ර ප්‍රසාදය හෙවත් ශ්‍රවණය පිළිබඳව : කන් අඩියේ කුඩා ස්ථානයක ශෝත්‍ර ප්‍රසාදය රූප රූප පිහිටා තිබේ. රූපයන්ගේ මෙන්ම ශබ්දයන්ගේ ද හැඩහුරුකමෙන් ආකාර විශේෂයක් ඇත්තේ ය. එය ඇසට පෙනෙන ඔපයෙන් නොවේ. රූපච්ඡායාව කැඩපතක් ආදියේ ඔපයක් පහළවන්නාක් මෙන් ශබ්දයේ ඡායා ඒ. ඒ ශබ්දයේ හැඩහුරුකමින් ශ්‍රෝත්‍ර ප්‍රසාදයෙහි පහළ වේ.
(මෙය තේරුම් ගත්තා නම් යහපතකි. මෙය බුදුන්ගේ දේශනාවකි.)