රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති-බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ප්‍රකාශයක්

views 780 2018-10-31 06:34:00 world

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව අද(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශයක් කර තිබේ.

ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදීය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මෑතක දී සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ.

ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් හියුගෝ ස්වයර් පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හියුගෝ පවසා ඇත්තේ, මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් වරයා කියා සිටියේ,ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ කතා කරන විට මෙම කරුණු ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටින බවත්ය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

  • ආරක්ෂක උපදේශිකාව ධූරයෙන් ඉවතට

    අමෙරිකාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශිකා මිරා රිකාඩල් එම ධුරයෙන් ඉවත් කර තිබේ.ඒ අනුව ඇය පරිපාලන අංශය වෙත මාර
  • අධික ශීතලෙන් බලපෑම්

    ඉන්දියාවේ හිමාලයා කලාපයට ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.එහි පහළම උෂ්ණත්වය ශ්‍රී නගර් වෙතින් වාර්තා වූ අත
  • ගාසා තීරය යළි උණුසුම්

    යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වී තිබේ.ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසින් පලස්
  • දුර්ලභ රෝස පැහැති දියමන්තියක්

    දුර්ලභ ගණයේ රෝස පැහැ දියමන්තියක් අද 13 දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වීම
  • ලෝක නායකයින්ට ඉල්ලීමක්

    ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි.පළමු ලෝක යුද්

Recent Post