බස්නාහිර පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 459 දෙනෙකු අත්අඩංගුවට

views 1048 2020-09-30 04:56:00 news

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 459 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 158 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 112 දෙනෙකු, නීතිවිරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 106 දෙනෙකු හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 18 දෙනෙකු ද වන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post