විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

views 1050 2020-09-30 04:53:00 news

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් බලපත‍්‍රයක් නොමැතිව ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු මැදවච්චිය, සියඹලාගස්කඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කෙරෙන සජීව පතරොම් 02 ක්ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි සියඹලාගස්කඩ, කැදැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post