ගිනි ගත් නැවේ කපිතාන් අධිකරණයට

views 1048 2020-09-28 03:30:00 news

ශී‍්‍ර ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ ”ඵඔ නිව් ඩයමන්ඞ්” නෞකාවේ ග‍්‍රීක ජාතික කපිතාන්වරයා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ විසින් නොතීසි නිකුත් කරමින් කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට අනුවයි. විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක‍්‍රීය ආරක්ෂණ ක‍්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් කපිතාන්වරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. නෞකාවේ ගින්න හේතුවෙන් ඉන්ධන කාන්දුවීම හරහා සමුද්‍රීය දූෂණයක් සිදුව ඇති බවයි පසුව කළ පරීක්‍ෂණයේදී තහවුරු වුණේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ඔක්තෝබර් මස 12 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post