ගෙවල් බිදීම් රැසක් සිදුකළ ”චූන් කුරුල්ලා″ හලාවතදී අත්අඩංගුවට

views 1048 2020-09-28 02:12:00 news

දිවයින පුරා ගෙවල් බිදීම් 100 කට ආසන්න ප‍්‍රමාණයක්  සිදුකළ සැකකරුවෙකු හලාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හලාවත කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය යටතේ කි‍්‍රයාත්මක වන නොවිසුදුණු අපරාධ විමර්ශන අංශය මගින්.

”චූන් කුරුල්ලා″ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු කලක් යුධ හමුදාවේ සේවය කර ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා. සැකකරු  විසින් හලාවත, කටාන, මීගමුව, නාත්තන්ඩිය, දංකොටුව, මාරවිල, වාරියපොල, කුලියාපිටිය, කුරුණෑගල ඇතුළු ප‍්‍රදේශ රැසක ගෙවල් බිදීම් සිදුකර ඇති බවයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post