බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකින් සැකකරුවන් 514 ක් අත්අඩංගුවට

views 1046 2020-09-28 11:24:00 news

බස්නාහිර පළාතේ සිදුකළ මත්ද්‍රව්‍ය ඇතුළු වැටලීමකදී සැකකරුවන් 514 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සමඟයි. එහිදී සොයා ගැණුනු හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 120 යි මිලිග‍්‍රෑම් 325 ක් බවයි පොලීසිය පැවසුවේ.

තවත් සැකකරුවන් 126 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා කිලෝග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් සමගයි. මෙම වැටලීම අද අළුයම පහෙන් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාත් කේන්‍ද්‍ර කර ගනිමින් සිදුකර තිබෙනවා.
 

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post