දකුණු පිලිපීනයේ භූකම්පනයක්

views 1045 2020-09-07 10:39:00 world

දකුණු පිලිපිනයේ භූකම්පනයක් හටගෙන තිබේ.

දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු පිලිපීනයේ සිට කිළෝ මීටර 20ක ප්‍රදේශයකට භූකම්පනයෙන් බලපෑම් එල්ල වි ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් භූකම්පනයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර එම ප්‍රදේශයට ආපදා කණ්ඩායම් යොමුකිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post