යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ යයි

views 1044 2020-08-22 09:19:00 world

කොවිඩ් බලපෑම පහව ගොස් තිබූ යුරෝපා කලාපයේ රටවල්වල වෛරසයේ ව්‍යාප්තිය යළි වේගවත් වී ඇති අතර දෛනික ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ගෙස ඉහළ යමින් තිබේ.

ගෙවී ගිය දිනයේ දී ප්‍රංශයෙන් ආසාදිතයින් 4,771ක් සහ ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 3,349 ක් වාර්තා විය.

මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 22,971,611ක් ලෙසය.

කොවිඩ් ආසාදනයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 798,978කි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post