ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් රැල්ලට හේතුව

views 1045 2020-08-18 10:16:00 world

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව කොවිඩ් රැල්ල එහි නිරෝධායන මධ්‍යස්ථාන හේතුවෙන් හටගෙන ඇතැයි හඳුනාගෙන තිබේ.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ නිරෝධායන කටයුතු සිදුවූ හෝටල්වල සේවකයින් නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නොමැති බවය.

නිරෝධායනයට ලක්වන තැනැත්තා සමගින් මීටර් 1.5ක පරතරයක් පවත්වාගන්නේ නම් මුඛ ආවරණ පැළඳීමට අනවශ්‍ය යැයි බලධාරීන් ඔවුන්ට පවසා තිබූ බවත් සඳහන්ය.

ඉන් හෝටල් සේවකයින් වෛරසයට නිරාවරණය වී ඇති බවත් ඔවුන් මගින් රෝගය සාමාන්‍ය ජනතාව අතරට පැමිණ ඇති බවත් හඳුනාගැණුනි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post