හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 198ක් කොටු වෙයි

views 832 2020-08-13 01:52:00 news

හෙරොයින් කිලෝග‍්‍රෑම් 02 කට අධික ප‍්‍රමාණයක් සන්තකව සිටි සැකකරුවෙකු පිළියන්දල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 04 යි මිලිග‍්‍රෑම් 800 ක් සන්කව සිටි සැකකරුවෙකු ගල්කිස්ස ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලිග‍්‍රෑම් 120 ක් සන්තකව සිටි සැකකරුවෙකු පිටකොටුව කුමාරවීදිය ප‍්‍රදේශයේදී පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණා. පෑලියගොඩ, මිරිස්වත්ත පටුමග ප‍්‍රදේශයේ පදිංචි සැකකරු 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර බස්නාහිර පළාත තුළ සිදුකල විශේෂ වැටලීම්වලදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) පෙරවරු 06 සිට අද (13) අලූයම 05 දක්වා වූ පැය 24 ක කාලය තුලදී මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post