අමෙරිකානු ජනපතිගේ නියෝජිතයෙකු තායිවානයට පැමිණීම ගැන චීන විරෝධය

views 1050 2020-08-11 09:11:00 world

අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු තායිවානයට පැමිණීමට විරෝධය පළ කරමින් චීන ප්‍රහාරක ජෙට් යානා දෙකක් තායිවාන දේශසීමාව හරහා ගමන් කර තිබේ.

සෞඛ්‍ය සහ මානුෂික කටයුතු පිළිබඳ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් ඊයේ  (09) තායිවානයට පැමිණි අතර අද (10) තායිවාන් ජනාධිපතිනි ට්සායි ඉන් වෙන් සමග සාකච්ඡාවල නිරත විය.

දශක 4 කට පසු අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරියෙකු තායිවානය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ.

තායිවානයට සෞඛ්‍ය සහ ආර්ථික සහයෝගය ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන ඇලෙක්ස් අසාර් පැමිණ තිබේ.

තායිවානය තම රාජ්‍යයට අයිති බව ප්‍රකාශ කරන චීනය අන්තර්ජාතික වශයෙන් එරට පවත්වන සබඳතා කෙරෙහි දැඩි අවධානයෙන් පසු වේ.

තායිලන්ත මිසයිල පද්ධතියෙන් මිදී එම දේශසීමාවට ප්‍රහාරක ගුවන් යානා දෙකක් යොමු කිරීමෙන් චීනය තම බලය පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post