මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල පොලිස් නිලධාරීන්ගේ දේපල රාජසන්තකයි..

views 833 2020-08-04 03:36:00 news

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන ලද නිලධාරීන් 12 දෙනෙකුගේ දේපොල රාජසන්තක කිරීමට තීරණය කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හෙළිවී ඇති නිලධාරීන්ගේ අයථා ලෙස උපයාගත් මුදලින් රැස් කරගත් දේපළ දේපල එසේ රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ඊට අදාළ තොරතුරු රැස්කරමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි.

මත්ද‍්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ත

වත් 8 දෙනකු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post