මොන කොරෝනාව ආවත් ඡන්ද පලට ගිහින් අපට ඡන්දය දමන්න..

views 842 2020-08-04 03:30:00 news

මොන කොරෝනාව ආවත් ඡන්ද පොළට ගොස් ඡන්දය ලබා දී තමන් අගමැති කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය අවසන් මැතිවරණ රැළිය මැද කොළඹදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද තරගය ඇත්තේ පොහොට්ටුව සහ දුරකථනය අතර පමණක් බවත් අනිත් පක්‍ෂවලට ආණ්ඩුව ලබා ගැනීමේ තරගයක් නැති බවත් ඔහු පැවසීය.

අගමැතිවරු පවා බිහි වුණද මැද කොළඹට කිසිදු සෙතක් මේ දක්වා සිදු වී නැතැයි ද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post