බොලිවුඩ් නළු සුශාන්ත් ගේ මරණය සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි රියාට එරෙහිව චෝදනා

views 1049 2020-07-29 03:15:00 world

බොලිවුඩ් ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය නිළි රියා චක්‍රවර්ති ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

සුශාන්ත් ගේ පියා විසින් පැට්නා පොලීසිය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

රියා චක්‍රවර්තී විසින් සුශාන්ත් සිං රාජ්පුත්ව මූල්‍යමය වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද හිරිහැරයන්ට ලක් කර ඔහු සියදිවි හානිකරගැනීමට පෙළඹ වූ බවට අදාළ පැමිණිල්ලෙන් කරුණු දක්වා ඇත.

රියාට අමතරව ඇයගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 06 දෙනෙකුට ද එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සුශාන්ත් සිං රාජ්පුත් සිය මුම්බායි හි පිහිටි සිය නිවසේ දී පසුගිය ජුනි මස 14 වැනිදා සිය දිවි හානිකර ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විවිධ අංශ ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

ඊට අදාළව බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරුන් කිහිපදෙනෙකුගෙන් මෙන්ම රියා චක්‍රවර්තීගෙන් ද විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post