චීනයත් කොවිඩ් එන්නතක් නිෂ්පාදනය කරයි - මුලික අත්හදාබැලීම් සාර්ථකයි

views 1045 2020-07-24 09:49:00 world

කොරෝනා වෛරසය සඳහා චීනය නිෂ්පාදනය කළ එන්නත මේ වසර අවසානය වන විට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එරට SinoPharm සමුහය සඳහන් කර තිබේ.  

එහි සභාපති ලීයු ජින්ෂෙන් විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එම එන්නතේ මුලික අත්හදාබැලීම් මේ වන විටත් චීන සමාගම් විසින් අවසන් කර තිබේ.

එහි අවසාන අත්හදාබැලීම් ඉදිරි මාස කිහිපය තුළ සිදුකිරීමට යෝජිතව ඇති අතර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම මේ වසර අවසානය වන විට කිරීමට හැකිවෙතැයි පැවසේ.

මේ වන විට චීනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් දෙකක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙන්ම බ්‍රසීලයේ ද අත්හදාබැලීම් සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post