කොරෝනා වෛරසයේ ප‍්‍රබලත්වය අඩුවෙයි..

views 810 2020-06-02 07:22:00 news

කොරෝනා වෛරසයේ ස්වභාවය මේ වන විට ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව ඉතාලියේ සන් රෆායල් රෝහල සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ඉන් සිදුවිය හැකි හානිද අඩුවෙමින් පවතින බව රෝහලේ ප‍්‍රසාන වෛද්‍යවරයා රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත.

පසුගිය දින කිහිපය ඇතුළත ඉතාලියේ ආසාදිතයන් පිළිබඳව කළ පරීක්ෂණ හරහා මේ බව තහවුරු වී ඇති බවත් මෑතකදී එරටින් හමුවුණ ආසාදිතයන්ගේ වෛරස ප‍්‍රමාණය ඉතා අඩු බවත් ඔහු පවසා තිබේ.

ඉතාලියේ ආසාදිතයන් මෙන්ම මරණ ගණන ද පහත යාමට හේතු වී ඇත්තේ වෛරසයේ ප්‍රභලත්වය අඩු වීම විය හැකි යැයි ද වෛද්‍යවරයා සඳහන් කරය.

කෙසේ නමුත් වෛරසය සම්පූර්ණයෙන්ම පරාජය වූ බවක් තවමත් කිව නොහැකි යැයි ද ඔහු සඳහන් කර ඇත.



(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post