තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබයි

views 808 2020-06-01 06:24:00 news

තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ නාවික රෝහල, අයි.ඞී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයින් 1,633 දෙනාගෙන් 811 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවත් කොරෝනා ආසාදිතයින් 811 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post