සුව විරු කතා රූපවාහිනියේ විතරයි.. අපේ දීමනා කපලා..- හෙදියන් විරෝධතා…

views 786 2020-05-26 02:56:00 news

තම දීමනා කප්පාදු කිරීම සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදුන්නේ යයි විරෝධය පළ කරමින් දඹුල්ල මූලික රෝහලේ හෙද නිලධාරීන් පිරිසක් අද එම රෝහල ඉදිරියේ විරෝධතාවක නිරත විය.

‘සුව විරුවන් රූපවාහිනියට පමණක් ද’ ලියන ලද විරෝධතා පුවරු ඔවුන් අත විය.

මෙම විරෝධතාව සඳහා රෝහලේ හෙද හෙදියන් පිරිසක් සහභාගී වී සිටියහ.

මධ්‍යම පළාත් සභාව විසින් මෙම දීමනා ගෙවීමට නියමිතව තිබුණ ද ඒවා රැසක් කප්පාදු කර ඇති බැවින් මෙම විරෝධතාවය පැවැත් වූ බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post