කටාරයේ අතරමං වූ ලාංකිකයන්ට නවාතැන් පහසුකම් දෙයි

views 792 2020-05-26 09:35:00 news

කටාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ ගුවන් ගමන අවලංගු කිරීමත් සමග කටාරයේ සිරවූ ලාංකිකයන්ට වහාම නවාතැන් පහසුකම් සපයන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා උපදෙස් දී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව කටාරයේ වැඩබලන තානාපතිවරයාට ඉහත උපදෙස් ලබාදුන් බව රවිනාථ ආරියසිංහ මහතා පවසයි.


(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post