නීති විරෝධි මත්පැන් බෝතල් 203ක් තැන් දෙකක දී අල්ලයි

views 808 2020-04-01 02:05:00 news

කුරුවිට පොලිස් වසමේ ආනන්ද පුර ප්‍රදේශයේ දී කුරුවිට පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීමක් කර නීති ‍විරෝධී මත්පැන් බෝතල් 135 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45 ක් වු එලවුල්ල, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(01) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, ඊයේ සවස 3.30ට පමණ පානදුර, දකුණ ‍පොලිස් වසමේ බෙක්කේගම, බෙන්ඩික්දූව ප්‍රදේශයේ දී පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් ද වැටලීමක් සිදු කර නිතී විරෝධි මත්පැන්බෝතල් 68 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වයස අවුරුදු 38 ක පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව ඇත් අතර, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර දකුණු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post