අමෙරිකානු උප ජනාධිපතිගේ කාර්යය මණ්ඩල සාමාජිකයෙක්ට වෛරසය ආසාදනය වෙයි

views 735 2020-03-22 10:06:00 world

අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශක කැතී මිලර් සඳහන් කර ඇත්තේ ඊයේ(20) පස්වරුවේ අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

කෙසේවෙතත් එම පුද්ගලයා උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙක් නොවන බව ද උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් සිංගප්පූරුවේ පළමු මරණ 02 අද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වයස අවුරුදු 75ක කාන්තාවක් සහ වයස අවුරුදු 64ක ඉන්දුනීසියානු ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සංගප්පූරුවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 385 දෙනෙකු හඳුනා ගෙන තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post