අගමැතිගේ ඉන්දීය සංචාරයේදී පවුලේ සාමාජිකයන්ගේ වියදම් ආණ්ඩුවෙන් කලා යයි මා හිතන්නේ නෑ…

views 814 2020-02-14 03:07:00 news

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිදුකරනු ලද ඉන්දීය සංචාරයේදී පවුලේ සාමාජිකයන් ඊට එක් වුණ ද ඒ සඳහා රජයේ මුදල් භාවිතා කළේ යැයි තමන් විශ්වාස නොකරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පවුලේ සාමාජිකයන්ට ද මෙවන් සංචාරයක දූත පිරිසට එක් විය හැකි වුවද ඔවුන්ගේ සියලූ වියදම් ඔවුන් පුද්ගලිකව දරන බවද ඔහු සඳහන් කළේය.

රජයේ වියදම් පාලනය කිරීමේ ක්‍රමවේද යටතේ වත්මන් ආණ්ඩුව විසින් විදේශ සංචාර අත්හිටුවා ඇතැයි ද ඔහු සඳහන් කළේය

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post