පූජිත්, පාස්කු ප‍්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට

views 314 2020-01-25 01:20:00 news

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා.

ඒ, එම කොමිසම වෙත ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහු මෙම කොමිසමට පැමිණි පළමු අවස්ථාව ද මෙය වනවා.

පාස්කු ප‍්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේවනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

මේ අතර මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි කි‍්‍රයාත්මක වී නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණ වී තිබෙනවා.

ඒ, එවකට කෑගල්ල ප‍්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරයා ලබාදුන් සාක්ෂි මතයි.
 


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post