රන්ජන් ගෙනා CD වලට වෙච්ච දේ ගැන තොරතුරක්

views 848 2020-01-24 01:15:00 news

පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීම සඳහා තමන් හඬපට ඇතුළත් CD තැටි 05 ක් රැගෙන ආ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ ද, ඔහු විසින් රැගෙනවිත් ඇත්තේ CD තැටි 04 ක් පමණක් බව අනාවරණ වී තිබෙනවා.

අදාළ හඬපට ඇතුළත් CD තැටි 04 පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්යාල නිලධාරියෙකු හරහා හැන්සාඞ් ගත කිරීමට ද යොමු කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම CD තැටි 04 එලෙස හැන්සාඞ් ගත කිරීම සඳහා භාරදීමට පැමිණි අවස්ථාවේදී, එම හඬපට වෙනත් පාර්ශ්ව අතට පත්වේදැයි මන්ත්‍රීවරයා විමසා තිබෙනවා.

එසේ වුවහොත් පවුල් ආරවුල් සහ වෙනත් ගැටලු මතුවිය හැකි බවයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත්තේ.

පසුව එම හඬපට ඇතුළත් CD තැටි 04 භාරදීමකින් තොරව යළි රැගෙන ආ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ආලින්දයේ සිට එම CD තැටි තියුණු කුඩා පිහි තලයකින් සීරිමකට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.  


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post