රාජ්‍ය ආයතනයක වැසිකිලියක කැමරාවක් අටවා වීඩියෝ කරලා

views 810 2020-01-14 11:59:00 news

රාජ්‍ය ආයතනයක කාන්තා වැසිකිලියේ ජංගම දුරකථනයක් රඳවා එම ආයතනයේ සේවය කරන කාන්තාවන්ගේ දර්ශන වීඩියෝ කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම කාර්යාලයේම සේවය කරන කම්කරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල පොලිසිය විසින් අද දින (14) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර බදුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් තුළ මෙම ක්‍රියාව සිදු කර තිබෙනවා.

එහි සේවය කරන කාන්තා නිලධාරිනියන්ගේ දර්ශන මෙම ජංගම දුරකතනය අටවා එහි කැමරාවෙන් වීඩියෝ කර ඇති අතර අදාළ සැකකරුගේ මුහුණද එහි රූගත වී තිබෙනවා.

වැසිකිලිය පිරිසිදු කිරීම සඳහා උපයෝගී කරගන්නා ද්‍රාව්‍ය තබා තිබූ බාල්දියක සූක්ෂ ලෙස මෙම ජංගම දුරකථනය සඟවා තිබෙනවා.

වැසිකිලියට ගිය සේවිකාවක් විසින් ඒ බව දැක එය කාර්යාලයේ ඉහළ නිලධාරින්ට දැනුම් දීමෙන් පසු ඔවුන් විසින් පොලිසියට පැමිණිලි කර සිද්ධිය අනාවරණය කර ගැනීමට කටයුතු කර තිබුණා.

සැකකරු  පළමු බිරිද අතහැර දෙවැනි විවාහයක් කරගනෙ සිටින 40 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post