අමෙරිකාව දුන් ඔත්තුවට රුසියාව ස්තූතිය පළ කරයි

views 773 2019-12-31 10:25:00 world

සිදුවීමට ගිය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් වලක්වා ගැනීමට සහය වීම සම්බන්ධයෙන් රුසියාව අමෙරිකාවට ස්තූතිය පළ කර තිබෙනවා. රුසියානු ජනාධිපති වැලැද්මියර් පූටින් අමෙරිකානු ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප්ට දුරකථනයෙන් අමතා මෙලෙස ස්තූතිය පළ කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

උදාවන නව වසර පිළිගැනීම සඳහා සිදුවන සැමරුම් අතරතුර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ප‍්‍රහාරයක් එල්ල කිරීමට කිසියම් පිරිසක් සැලසුම් කරමින් සිට තිබෙනවා.  

ඒ සම්බන්ධයෙන් පළමුවරට රුසියාවට දැනුම් දී ඇත්තේ අමෙරිකානු බුද්ධි සේවා විසින්. ඒ අනුව සිදු කෙරුණු විමර්ශනවලදී ප‍්‍රහාරය සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු රුසියාව විසින් අත්අඩංගුවට ගැනුණා.

ඉකුත් 2017 වසරේ දෙසැම්බර් මාසයේදීද රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට එල්ල කිරීමට සැලසුම් කෙරෙමින් තිබූ ප‍්‍රහාරයක් අමෙරිකානු බුද්ධි තොරතුරු හේතුවෙන් වලක්වා ගැනීමට හැකි වූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.
 


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post