රනිල්ගේ අපල කාලය ලබයි.. කැලණි විහාරයේ දායක සභා සභාපති ධුරයෙන් එලවා දමයි.. නව සභාපති පත් කරයි..

views 899 2019-12-09 05:16:00 news

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ධුරයෙන් හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර තිබේ.

එහි නව සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරිකයකු වන සමන් වීරසිංහ මහතා පත් කර ඇත.

සමන් වීරසිංහ මහතා මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු වූ අතර ඔහු රුසියාවේ තානාපති ධුරය මෙන්ම ජනාධිපති ජාත්‍යන්තර උපදේශකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා කැලණි රාජ මහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට යෝජනා සම්මත කරන ලද්දේ ඔහු අගමැති ධුරය දරණ සමයේ දීය.

ඒ අනුව ඊයේ දින රැුස්වූ දායක සභාව නව සභාපතිවරයා ලෙස සමන් වීරසිංහ මහතා පත් කර ගනු ලැබීය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post