මාධ්‍ය හමුවක් කැදවූ ස්විස් එම්බසි කාන්තාව අතුරුදහන්.. රටින් පිටවීම නැවතත් තහනම් කරමින් අධිකරණ නියෝගයක්..

views 892 2019-12-09 01:08:00 news

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගේ සහභාගීත්වයෙන් අද කැදවා මාධ්‍ය හමුව සඳහා ඇය සහභාගි වී නැත.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම කර තිබූ අතර ඒ සඳහා මාධ්‍යවේදීන්ටද ආරාධනා කර තිබිණ.

ඊයේ දිනයේ එම සේවිකාව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලදී.

මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට දෙසැම්බර් මස 12 වැනිදා දක්වා රටින් පිටවීම තහනම් කර තිබේ.

එමෙන්ම ඇගේ කායික හා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post