නිවසක්තුල නිධන් හෑරු තිදෙනෙකු අත්අඩංගුවට…

views 98 2019-12-03 09:00:00 news

වවුනියාවේ පූන්තෝට්ටම් අන්නානගර් ප්‍රදේශයේ  නිවසක්තුල නිධන් හාරමින් සිටි එකම පවුලේ තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල නිවස තුල කිසියම් පිරිසක් විසින් පොළව හාරමින් සිටින බවට වව්නියාව පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට ගොස් නිවස තුල අඩි පහක් පමණ ගැඹුරට වලක් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16,19, හා 21 වයසැති  එකම පවුලේ සහෝදරයින් වූ අතර ඔවුන් නිධානය  හෑරීම සදහා රැගෙන එන ලද  උපකරණ කීපයක් හා පූජා භාණ්ඩද වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වව්නියාව අධිකාරණයට ඉදිරිපත් කිරීඹට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post