තවත් දෙදෙනෙක් රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට සූදානම් බවට වාර්තා

views 810 2019-12-02 01:12:00 news

වත්මන් ආණ්ඩුවේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

ඩිලාන් පෙරේරා සහ ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරුන් එලෙස රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

19 වන සංශෝධනය අනුව කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු පත් කිරීමට හැකියාව තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු දිවුරුම් දී ඇති අතර කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු ද ඉකුත් දා සිය ධූරවල දිවුරුම් දුන්නා.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post