රන්ජන්ට එරෙහි නඩුව ඈතට යයි

views 799 2019-12-02 12:12:00 news

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුවක් අප්‍රේල් මස 03 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළා.

පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක  ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැති  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු  කර තිබෙනවා.

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුගේ තීන්දුව තම පාර්ශ්වයට වාසි සහගත ලෙසට ලැබෙනු ඇති බවට රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබු බවයි පැවසෙන්නේ.

අද මෙම නඩුව විනිසුරු සිසිර ද ආබෘ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේ එය අප්‍රේල් මස 03 වැනි දා විභාගයට ගැනීමට දින නියම කරන ලදි.

මෙම ප්‍රකාශයේ බැලූ බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීමක් කර ඇති බවට නීතිපතිවරයා මීට පෙර අවස්ථාවකදී   පවසා සිටියා.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post