මුම්බායි – කොළඹ ගුවන් ගමන් අරඹමින් විස්තාරා ශ‍්‍රී ලංකාවට පැමිණෙයි

views 725 2019-11-26 11:11:00 business

ඉන්දියාවේ හොඳම ගුවන් සේවය වන විස්තාරා ඊයේ (25) දින සිට කොළඹට තම ගුවන් ගමන් ඇරඹු බව නිවේදනය කර සිටියි. මෙම ගුවන් සේවය සතියේ සෑම දිනකම (බදාදා දින හැර) මුම්බායි සිට කොළඹට පියාසර කරන අතර ඉකොනමි සහ ව්‍යාපාරික පන්තියට අතිරේකව ප‍්‍රීමියම් ඉකොනමි යනුවෙන් තවත් ආසන පන්තියක් ප‍්‍රථම වරට හඳුන්වා දී තිබේ. විස්තරා ගුවන් සේවය ඉන්දියාවේ ටාටා සන්ස් සහ සිංගප්පූරු ගුවන් සේවයේ හවුල් ව්‍යාපෘතියකි.

ශ‍්‍රී ලංකාවට සමාරම්භක ගමන් අරඹමින් විස්තාරා ගුවන් සේවයේ පැමිණි මගීන් කොළඹදී සම්ප‍්‍රදායික උඩරට නැටුම් සහිතව මහත් හරසරින් පිළිගත් අතර ඔවුන්ට දේශීය රසකැවිලි සංග‍්‍රහයක් ද පවත්වන ලදී. මෙම පිළිගැනීමේ අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප‍්‍රවාහන හා ආර්ථික නියාමන අධ්‍යක්ෂ රේහාන් වන්නිඅප්පා, ශ‍්‍රී ලංකා ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ගුවන්තොටුපල කළමනාකරණ අංශ ප‍්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි, සහ හේලීස් විධායක අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න යන මහත්වරු  සහභාගී වුහ.

මෙම අවස්ථාවට එක්වූ විස්තාරා හි ප‍්‍රධාන උපායමාර්ගික නිළධාරි විනෝද් කන්නන් මහතා අදහස් දක්වමින් ‘‘සංචාරක ක්ෂේත‍්‍රය සහ වෙළෙඳාම සඳහා විශාල අවස්ථාවන් සහිත රටක් වන ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹමින් තවත් භූගෝලීය තලයකට පිවිසෙන්න ලැබීම පිලිබඳ අප ඉතාමත් සතුටට පත්වෙනවා. ප‍්‍රශස්ත සේවයක් සලසමින්  ලෝකය පුරාම විශිෂ්ට නාමයක් සලකුණු කිරීමට සමත් වූ ඉන්දියාවේ එකම තරු පහේ ගුවන් සේවය ශ‍්‍රී ලංකාවට අද අපි හඳුන්වා දෙනු ලැබුවා. අපගේ අසම සම ආගන්තුක සත්කාරය සමග පියාසර කරන ඔබ සැමට විස්තාරා සමග නව හැඟීමක් ”ලැබෙනු ඇතයි අප විශ්වාස කරනවා යැයි පැවසීය.

විස්තාරා හි ශ‍්‍රී ලාංකික නියෝජිතයා ලෙස හේලීස් සමුහ ව්‍යාපාරයට පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන නොර්ත් සවුත් ලයින්ස් පුද්ගලික සමාගම (North South Lines Pvt Ltd)  පත් කර තිබේ.

වර්ෂ 2019 අගෝස්තු මාසයේදී විස්තාරා ගුවන් සේවය සිංගප්පූරුවට ගමන් අරඹමින් තම ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් ඇරඹු අතර පසුව ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බැංකොක්, සහ තායිලන්තයට තම සේවා ව්‍යාප්ත කරනු ලැබීය. විස්තාරා පසුගිය මාස හත තුළ තම ගුවන් යානා 50% කින් වැඩි කළ අතර මිලියන 4.5 කට අධික ගුවන් මගීන් ප‍්‍රමාණයක් විස්තාරා ගුවන් සේවයේ සේවය ලබා ඇත.එසේම 2020 මාර්තු මූල්‍ය වර්ෂය අවසාන වන විට පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව තම ගුවන් යානා ප‍්‍රමාණය දෙගුණයක් කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.

ස්කයිට‍්‍රැක්ස් සහ ටි‍්‍රප් ඇඞ්වයිසර් හි ඉහළම ශේණිගත කිරීම් ලද විස්තාරා හොඳම ගුවන් සේවා සම්මාන කිහිපයකින් ද පිදුම් ලබා ඇත. එසේම කෙටි කාලයක් තුළ ඉන්දියානු ගුවන් කර්මාන්තයේ මෙහෙයුම් සහ සේවා සැපයීමේ ඉහළම තලයකට පැමිණි අතර 2020 ඇපෙක්ස් නිළ ගුවන්සේවා ශේණිගත කිරීම් අනුව (per2020 APEX OFFICIAL AIRLINE RATINGS™) ඉන්දියාවේ එකම තරු පහේ ගුවන් සේවය බවට පත් වීමට ද හැකියාව ලැබී ඇත. විස්තාරා ඉන්දියාව තුළ සහ විදේශයන්හි ශීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඉදිරි සිව් වසර තුළ පටු බඳ සහ පුළුල් බඳ සහිත ගුවන් යානා 56 ක් පමණ ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙයි. එහිදී දේශීය සහ ජාත්‍යන්තර කෙටි  මධ්‍යම දුර ගමන් මෙහෙයුම් සඳහා A320neo කාණ්ඩයේ එයාර්බස් 50 ක් ද දිගු දුර ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා.බෝයිං B787-9 ගුවන් යානා 06 ක් ද ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post