බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..

views 544 2019-11-08 11:55:00 news

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේ හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරන ලද්දේ ජනාධිපතිවරණය ගැන නවතම බුද්ධි අංශ වාර්තාවක් ලැබීම නිසා බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පැවසීය.

එම බුද්ධි අංශ වාර්තාව අනුව දිස්ත‍්‍රික්ක 22න් 16ක් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ජය ගන්නා බව පෙන්වා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

ඒ අනුව ජනාධිපතිවරණය ජය ගැනීමේ අවසන් උත්සාහය ලෙස හදිසියේම පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කල බවද ඔහු කියා සිටියි.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post