රැළියට පෙර ගෝඨාභයට සෙත් පතා ජය පිරිතක්

views 386 2019-10-16 01:38:00 news

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැළියක් හොරණදී අද (16) පස්වරුවේ පැවැත්වෙනවා.

හොරණ නගර සභා පිටියේදී මෙම මහ රැළිය ආරම්භ වෙනවා.

රැළියට පෙර හොරණ රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සෙත් පැතීම සඳහා ජය පිරිත් සජ්ජායනාවක් ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළිවලට සහභාගී වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින්ට විරෝධය පළ කිරීම සිදු නොකළ යුත්තක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක ද පවසනවා. ඉකුත් දින කිහිපයේ ඇතිවූ සිද්ධීන් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post