ගෝටා නැවත් ලංකාවට.. ආ සැණින්ම ඇල්පිටිය ජය ගැන එජාප ඉහලම ලොක්කෙක් සුභ පතයි.. ඉදිරියට ජය පතයි..

views 694 2019-10-12 01:51:00 news

වෛද්‍ය පරීක්ෂණයක් සදහා සංගප්පුරුව බලා ගොස් සිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා අද අලුයම ආපසු මෙරටට පැමිණියේය.

ඊයේ පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් පොහොට්ටුව ජය ගැනීම ගැන අද පෙරවරුවේ සිටම ඒ මහතාට සුබ පතමින් දුරකතන ඇමතුම් විශාල වශයෙන් පැමිණ ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ ඉහලම නායකයෙකුද රාජපක්‍ෂ මහතා අමතා ඉදිරි ගමනට සුබ පතා ඇත.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post