විදුහල්පතිවරයා සිසුවියන් 07ක් අපයෝජන කරයි.. රිමාන්ඩ්

views 636 2019-10-10 05:10:00 news

කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන කොත්මලේ වැවන්ටන් දමිල මහ විද්‍යාලයේ සිසුවියන් හත්දෙනෙකු අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් චාන්දනි මිගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව යලිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරිමට මහෙස්ත්‍රාත්වරයි නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කයිබු ඥානවඩිවු නැමති තිදරු පියෙකි.

එම විදුහලේ 7,8,9,10 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු අවස්තා කිහිපයකදි විදුහල්පතිවරයා විසින් වරින් වර අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලිසියට ඉකුත් 7 වෙනිදා ලද පැමිණිල්ලක් මත පොලිසිය මගින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

විදුහල්පතිවරයාගේ බිරිදද එම විදුහලේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්,  විදුහල්පතිවරයා විසින් අපයෝජනය කලේ යැයි කියන සිසුවියන් විසින් අවස්තා කිහිපයකදි පැමිණිලි කලත් එ පිලිබදව විදුහල්පතිගේ බිරිද කිසිදු පියවරක් නොගත් බවත්, සිසුවියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වි අතර පසුව ඇය විසින් උදරයේ අමාරුව ඇති විමට හේතුව වශයෙන් සිය මවට පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන්ව වරින් වර අපයෝජනයට ලක් කල බවයි.

තම පාසලේ තවත් සිසුවියන්  කිහිපදෙනෙකු විදුහල්පතිවරයා විසින් අපයෝජනය කරන බවට රෝගාතුර වු සිසුවිය පැවසිමෙන් අනතුරුව එම සිසුවියන්ගෙන්ද කොත්මලේ පොලිසිය විසින් පැමිණිලි සටහන් කරගැනිමෙන් අනතුරුව සිසුවියන් හත්දෙනාම අධිකරණ වෛද්‍යය පරික්ෂණයක් සදහා ගම්පොල මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි  ස්ථාන  මාරු කරන ලෙසට මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉල්ලිමක්ද කර ඇත

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post