ප්‍රචණ්ඩ වූ විරෝධයක්

views 284 2019-10-09 10:44:00 world

කම්කරු හා බදු ප්‍රතිසංස්කරණ යෝජනාවකට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික වැසියන් ආරම්භ කළ විරෝධතාව මේ වන විට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇත.

විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව වෙත කඩා වැදී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

විරෝධතා හේතුවෙන් ඉක්වදෝරයේ ක්විටෝ අගනුවර දෛනික වැඩකටයුතු මුළුමණින්ම අඩාල වී ඇත.

වීථිවල ජනතාව එක්රැස්වී සිටීම හේතුවෙන් නගරයේ ප්‍රවාහන කටයුතුද ඇණහිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ හේතුවෙන් පරිපාලන කටයුතු තාවකාලිකව වෙනත් නගරයකට ගෙනයෑමටත් ජනාධිපතිවරයා නියෝග කර තිබුණි.

මේ අතර විරෝධතාව පාලනයට පොලිසිය මැදිහත්වීමත් සමග ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගතව ඇත.

පොලිස් බාධාකිරීම් නොතකා එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩාවැදුණු විරෝධතාකරුවන් එහි දේපළවලට හානි සිදුකර තිබුණි.

එහිදී විරෝධතාකරුවන් පන්සීයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

මෙම විරෝධතාව මේ වසරේදී එරටින් වාර්තාවූ දරුණුම විරෝධතාව බව විදෙස් වාර්තා පවසයි.

එය පාලනය කිරීම සඳහා ජගත් සංවිධානයට හෝ රෝමානු කතෝලික දේවස්ථානයට හෝ මැදිහත්වීමට ඉඩදෙන බව රජය පවසයි.

මේ අතර පසුගිය දශක කිහිපය තුළ ඉක්වදෝරයේ ස්වදේශික ජනයා පැවැත්වූ විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරුන් තිදෙනෙකුට ඉල්ලා අස්වීමට සිදුවූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post