ගුවන් යානයක බෝම්බයක් තියන්න උත්සාහ ගත් IS සාමාජිකයින්

views 693 2019-09-20 10:14:00 world

ඔස්ට්‍රේලියාවේ සිට ගමන් කිරීමට නියමිතව තිබු මඟී ගුවන් යානයක බෝම්බයක් තැබීමට උත්සහ කළ අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු වරදකරුවන් බවට නිගමනය කර ඇත.

ඔස්ට්‍රේලියානු අධිකරණයක් මඟින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොහොමඩ් කයාට් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ දිනයේ වරදකරු බවට එම අධිකරණය තීන්දුකර ඇති අතර කලීඩ් කයාට් 51ක් හැවිරිදි තවත් පුද්ගලයෙකු පසුගිය මැයි මාසයේදී අදාළ චෝදනාවටම වැරදිකරු කර ඇත.

2017 වසරේ ජුලි මාසයේ දී සිඩ්නි නගරය් සිට අබුඩාබි බලාගමන් කිරීමට නියමිතව තිබු මඟි ගුවන් යානයක මෙම බෝම්බය ඇටවීමට ඔවුන් උත්සහ දරා ඇති බවට චෝදාන එල්ල වී තිබුණි.  

වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම පසුව සිදුකරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post