පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි

views 587 2019-09-17 05:28:00 news

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඉදිරියේ අද (17) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව අභාවප්ප්‍රාප්ත වූ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි සාලින්දා දිසානායක ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රිධුරය සඳහා ඩී.බී හේරත් ද, මාතර දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රිධූරය සඳහා මනෝජ් සිරිසේන දිවුරුම් දෙනු ලැබුවා.

මීට පෙර සිය මන්ත්‍රිධූරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර යළිත් වරක් මන්ත්‍රිවරයෙකු වශයෙන් අද යලි දිවුරුම් දුන්නා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post