සජිත්-ඩඩ්ලි තරු හෝටලයක රහස් සාකච්චා.. ජනාධිපතිවරණයට සහාය ඉල්ලයි..

views 1601 2019-09-12 11:59:00 news

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පෙරේදා (10දා) දහවල් පවත්වා තිබේ.

වෙනත් කිසිදු පුද්ගලයකු මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැත.

ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂ අර්බුදය සහ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම පිළිබඳව ඔවුන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙක්ද වෙයි.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post