සජිත් ඉල්ලන යෝද පා ගමනට හත් දෙනයි.. ඔවුන්ද ත‍්‍රීවීල්වල යයි..

views 1779 2019-09-11 10:48:00 news

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ට ජනාධිපති අපේක්ෂකත්වය සහ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අත් කර දෙන ලෙස ඉල්ලමින් දෙවොල් දෙවියන් ගේ දේවාශීර්වාදය පතා ‘සජිත් සමග අපි’ රුහුණු ජාතික බලවේගය සහ ගාලු ජාතික සංගමය සංවිධානය කළ  පා ගමනක් අහුන්ගල්ලේ සිට සීනිගම දක්වා ඊයේ (10) වැනිදා අහුන්ගල්ලෙන් ආරම්භ කෙරුණි.

මෙම පාගමන සදහා ආරම්භයේදී සහභාගී වූයේ 07 දෙනෙක් පමණි. අම්බලන්ගොඩදී පාගමනට තවත් එක් අයෙක් සහභාගී වී ඇති අතර අම්බලන්ගොඩ සිට සීනිගම දක්වා පාගමනට සහභාගී වූවන් ත්‍රීරෝද රථවලින් ගොස් තිබෙන බවද දැන ගන්නට තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පසුගිය කාලයේ වරින් වර ප්‍රකාශ නිකුත් කර තිබුණද පාගමන සදහා ඔවුන් කිසිවෙකුත් සහභාගී නොවීය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ පියාගේ උපන්ගම වන්නේද බළපිටියේ හෑගල්ල ප්‍රදේශයයි. අවම වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරම්පරාවට ඥාති සම්බන්ධතා තිබෙන බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් ඩබ්ලිව් සෙනරත් මහතාද මෙම පාගමනට සහභාගී නොවූ අතර ඔහු යතුරු පැදිකින් සීනීගම දේවාලයට ගොස් තිබූ බවද පාගමනට සහභාගී වූ අයෙක් සැවසීය.


(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post