පොලිසිය විවෘත කිරීමේ උත්සවයේදී දිමූට කතාවක් නොදීමෙන් උණුසුම් තත්වයක් - ජනතාවගේ සහයත් දිමූට

views 756 2019-08-13 10:51:00 news

ඊයේ (12)  දින ගම්පොළ, පුපුරැස්ස නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාට කතාවක් කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඒ මහතා මහජනයා අතරට පැමිණ මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට ඉඩම දුන්නේ තමා බවත්, දේශපාලන වැඩවලට යටත් නොවන ලෙසත්  කියමින් කතාවක් පැවැත්වීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇතිවුනා. ඒ රැස්ව සිටි පිරිස දී.මු ජයරත්න මහතාට සහාය පළ කිරීමත් සමඟයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට රාජ්‍ය ව්‍යවසාය හා උඩරට සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල හා හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න යන මහත්වරු සහභාගී වූ අතර  ආණ්ඩුකාරවරයා හා කිරිඇල්ල අමාත්‍යවරයා විසින් සභාව ඇමතූ අතර හිටපු අග‍්‍රාමාත්‍යවරයාට එහිදී කතාවක් ලබාදී තිබුනේ නැහැ.

ඒ අනුව එහිදී නැගී සිටි දි. මු. ජයරත්න මහතා මහජනයා අතරට විත්  ජනතාව ආමන්ත‍්‍රණය කළ අතර ප‍්‍රදේශවාසී ජනතාව ද ජයරත්න මහතාට සහාය පළ කළා. මෙහිදී හිටපු අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළා.

”මම අවුරුදු 72 ක් දේශපාලනයේ ඉන්න කෙනෙක්. මේ ප‍්‍රදේශයේ ජනතාව අද මහ පෙළොවේ අඩිය ගහලා ඉන්නේ මම නිසයි. මේ පැත්තේ තිබුණේ ගෙවල් 12 යි. මේ සියලූ වතු පිටරට අයට අයිතිව තිබුණේ. නමුත් මේ මහ පෙළොව මේ ජනතාවට මම අයිතිකරලා දුන්නේ ධෛර්යයෙන් හා ශක්තියෙන්.

මම මෙතැනට ආවේ ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි. අද මේ අය ඡන්දය බලාගෙන මේ වැඩ කරන්නේ. මිනිස්සු රවටනවා. ඡන්දය ලබාගන්න උපක‍්‍රම යොදනවා. සියලූ දේම දේශපාලනයට යොදාගන්න වුවමනාවක් නෑ. අද මිනිස්සු මරාගන්න කොටාගන්න තත්ත්වයක් උදවෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා.

ආගම් හතරම එකතැන හදපු ලෝකෙම එකම මිනිසා මමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඒ බව පිළිගත්තා. ඒ නිසා මට ආගම්, ජාති, කුල භේද කිසිවක් නෑ. ඡන්දෙ දාන හැටි එක එක කෙනා එක එක විදිහට කියයි. ඒවා හොඳට අහගෙන අත්පුඩි ගහන්න. ඒත් බුද්ධිමත්ව හිතලා කතිරේ ගහනකොට හරි කෙනාට ගහන්න. අපට අපේ දරුවන්ට හොඳ අනාගතයක් උදාකරලා දෙයි කියන කෙනාට ඡන්දය දෙන්න. අනෙක් කෙනාට පස්ස හරවන්න.”

(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post