Formula 1 තරගාවලියේ 12වන අදියරේ ජය බ්‍රිතාන්‍යයට

views 755 2019-08-05 04:55:00 sport

ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 12වන අදියර ඊයේ (03) හංගේරියාවේදී පැවැත්වුණි.

එම අදියරේ ජය හිමිකර ගත්තේ මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන මහා බ්‍රිතාන්‍යෙය් ලුවිස් හැමිල්ටන් විසින්.

හංගේරියාවේ පැවති 12වන අදියරේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර 306යි දශම 6ක්.

එම දුර ප්‍රමාණය පැය එකයි මිනිත්තු 35යි තත්පර 3කින් නිමකරමින් මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන මහා බ්‍රිතාන්‍යෙය් ලුවිස් හැමිල්ටන් 12වන අදියර ජයගත්තේය.

දෙවන ස්ථානය හිමිකර ගත්තේ රෙඩ්බුල් කණ්ඩායම නියෝජනය කරන බෙල්ජියමේ මැක්ස් වර්ස්ටපන් විසින්.

ෆෙරාරි කණ්ඩායම නියෝජනය කරන ජර්මනියේ සෙබස්තියන් වෙට්ල් තුන්වන ස්ථානය හිමිකර ගත්තේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post