කාශ්මීරයට ඇති විශේෂ වරප්‍රසාද ඉන්දියානු ව්‍යවස්ථාවේන් ඉවතට

views 663 2019-08-05 04:54:00 world

කාශ්මීර ප්‍රදේශයට විශේෂ වරප්‍රසාද ලබා දීම පිළිබද  සිය ව්‍යවස්ථාවේ සඳහන් කොටස අවලංගු කිරීමට ඉන්දියානු රජය සැලසුම් කර තිබේ.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් එරට පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම අවස්ථාවේ ඉන්දීය විපක්ෂයෙන් දැවැන්ත විරෝධයක් එල්ල වී ඇති බවද සදහන්.

ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම පියවර ඉන්දීයාව තුළ යළි නොසන්සුන්තාවයක් ඇති කිරිමට හේතුවනු ඇති බවයි.

ඉන්දියාවේ ජම්මු හා කාශ්මීරයට එරට ව්‍යවස්ථාව මගින් විවිධ වරප්‍රසාද ලබා දී ඇති අතර එහි 370 වන වගන්තිය තුළින් විදේශ කටයුතු, ආරක්ෂක සහ සන්නිවේදනය හැර අනෙකුත් සියලු කාරණා සම්බන්ධයෙන් වෙනම ධජයක් සහ ස්වාධීනත්වයක් ලබා දී ඇත.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post